2011/01/20

මාත් ආවාය.

මම අක්කුං බබා. මටත් බ්ලොග් ලියන්නට ආසාවක් ඇති උනාය. මම ලියන පලවෙනි බ්ලොග් එක හින්දා අඩුපාඩු හුඟක් ඇතිය. අපේ තාත්තා බ්ලොග් කියවන්ට කැමතිය. ඒත් උන්දැ අකුරු දන්නෙ නැත. උන්දැටත් බ්ලොග් කියවා දෙන්නේ මාය. උඹත් බ්ලොග් එකක් ලියාපිය කියලා තාත්තා කීවාය. තාත්තාගේ කීම අහක දාන්නට බැරි නිසා මාත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුවාය.
අපේ අම්මා අකුරු දැනගෙන හිටියත් උන්දැ බ්ලොග් කියවන්ට කැමැත්තක් නැත.ඒත් මමත් බ්ලොග් ලියන්නට පටන් ගත් නිසා අපේ පවුලේ අනිත් උදවියත් බ්ලොග් කියවනවාය.
මම මෙතනින් නවතිනවාය. ඔය මාමලා නැන්දලාට බුදුසරණය.

0 件のコメント:

コメントを投稿