2011/03/04

අයියගෙ කැනඩාව

අපේ ගෙදර හැමෝම මේ දවස් වල මැච් බලනවාය. දැන් එයාලාට චන්දය අමතකය.අද අපේ අයියා කැනඩාවට සපෝට් කලාය. කැනඩාව දිනුවොත් දාන්න කියා රතිඤ්ඤා පෙට්ටියක්ද ගෙනාවාය.
අයියා හිටියේ පකිස්තානෙත් එක්ක අම්බානකට මල පැනලාය. ලංකාව කාපු එකේ වාඩුව ගන්නවා කියා අයියා පාරම්බෑවාය. අන්තිමෙදී කැනඩාවත් කෑවාය. පකිස්තානෙ ලිස්ට් එකේ උඩටම ගියාය.
පකිස්තානෙට සපෝට් කරන්නට අපේ ගමේ සාදික් අයියා කොලඹ ගියාය. මේ කතාව ආරංචි වුනු අපේ අයියාගේ මල හොඳටම පැන්නාය.
"තමන් ඉපදිච්ච රටටවත් නැති එවුන්. @#$%@#$@##"
අයියා කුනුහබ්බ කියන්නට පටන් ගත්තාය.
මම එතනින් කැපී ගියෙමු.
මීට අක්කුං බබා

2011/01/21

ගෙදර වලියක්

මහින්ද සීයා අලුත් ඉස්කෝලයක් හැදුවාය. හදා එයාගෙ නමත් දාගත්තාය.මේක අපේ තාත්තා ටීවි එකේ බැලුවාය. "මටත් මොකක් හරි හදලා මගෙ නම දාගන්න හිතෙනවා" තාත්තා කීවාය.
"ඔව් ඉතිං ඔය වගේ උත්තමයංගෙ නං හැම ඉස්කෝලෙකටම දැම්මත් මොකෑ වෙන්නෙ" අම්මා කීවේය.
අම්මා සිරිලංකා කාරියකි. ඒකට හරියන්න තාත්තා යූඇන්පී කනුවකි.
හැමදාම දේසපාලනේට ගෙදර වලිය.
අපේ ලොකු අයියා සෙට් උනොත් වලිය නැගලම යති.
ඌ තද ජේවීපී කාරයෙකි.
"ඇයි අර සජිත් මහත්තයා පංසල් වලට දෙන සල්ලි කොහෙංද කියලා හෙල උරුමේ හාංදුරුවොත් ඇහුවෙ. දන්නවනං කියපල්ලකො අපටත් දැනගංට" අම්මා සටන පටං ගත්තේය.
"හිටපංකො මම කියංට" කියූ තාත්තා තඩි පොල්ලක් උරුක් කොරගෙන ආවාය.
එනපොට හොඳ නැති හින්දා මම කිටියාත් උස්සාගෙන පාරට දීවෙමු.

මීට
අක්කුං බබා

පුංචි චන්දය

පුංචි චන්දය අත ලඟය. අපේ සුගතෙ මාමාද චන්දය ඉල්ලති. එයා ඊයෙ අපේ ගෙදර ලඟට තවත් කට්ටියක් එක්ක ආවාය. ඇවිත් අපේ තාත්තාට කතා කලාය.
අපේ අම්මා ජනේලෙන් ඔලුව දැම්මේය. ඔලුව ඇතුලට ගත් අම්මා තාත්තාට හැංගෙන්නට කීවේය.
"මොකටද බං හැංගෙන්නෙ. මං කාට බයේද?" තාත්තා ඇසුවාය.
"අර සුගතෙයා ඇවිත්.චන්දෙ වැඩට එක්ක යන්න. උඹලා හෙම යනවනෙවේ" අම්මා කීවේය.
ඔලුව වැනූ තාත්තා ඇඳ යටට රිංගුවාය.
අම්මා එලියට බැස "එයැයි වත්තට ගියා" කීවේය.
" ඔය බොරු" කියා මම කෑගැසුවෙමු.
ඌත්  ඤෑව් කීවේය.
ඒක අපේ ටොමියාටද ඇසුණි. ඌ බුරන්නට පටන්ගත්තාය.
" සුගතෙ, සුගතෙ " කියමින් තාත්තා එලියට ආවාය.
අම්මාගේ මූණ දිහා බලන්නට බැරිය. මම අපේ කිටියාගේ මූණ දිහා බැලුවෙමු.
කිටියාද පුරු පුරු ගෑවේය.
සුගතෙ මාමා ගිය පසු අම්මා මට හොඳ ටොක්කක් ඇන්නේය.

මීට
අක්කුං බබා

2011/01/20

මාත් ආවාය.

මම අක්කුං බබා. මටත් බ්ලොග් ලියන්නට ආසාවක් ඇති උනාය. මම ලියන පලවෙනි බ්ලොග් එක හින්දා අඩුපාඩු හුඟක් ඇතිය. අපේ තාත්තා බ්ලොග් කියවන්ට කැමතිය. ඒත් උන්දැ අකුරු දන්නෙ නැත. උන්දැටත් බ්ලොග් කියවා දෙන්නේ මාය. උඹත් බ්ලොග් එකක් ලියාපිය කියලා තාත්තා කීවාය. තාත්තාගේ කීම අහක දාන්නට බැරි නිසා මාත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුවාය.
අපේ අම්මා අකුරු දැනගෙන හිටියත් උන්දැ බ්ලොග් කියවන්ට කැමැත්තක් නැත.ඒත් මමත් බ්ලොග් ලියන්නට පටන් ගත් නිසා අපේ පවුලේ අනිත් උදවියත් බ්ලොග් කියවනවාය.
මම මෙතනින් නවතිනවාය. ඔය මාමලා නැන්දලාට බුදුසරණය.