2011/01/21

පුංචි චන්දය

පුංචි චන්දය අත ලඟය. අපේ සුගතෙ මාමාද චන්දය ඉල්ලති. එයා ඊයෙ අපේ ගෙදර ලඟට තවත් කට්ටියක් එක්ක ආවාය. ඇවිත් අපේ තාත්තාට කතා කලාය.
අපේ අම්මා ජනේලෙන් ඔලුව දැම්මේය. ඔලුව ඇතුලට ගත් අම්මා තාත්තාට හැංගෙන්නට කීවේය.
"මොකටද බං හැංගෙන්නෙ. මං කාට බයේද?" තාත්තා ඇසුවාය.
"අර සුගතෙයා ඇවිත්.චන්දෙ වැඩට එක්ක යන්න. උඹලා හෙම යනවනෙවේ" අම්මා කීවේය.
ඔලුව වැනූ තාත්තා ඇඳ යටට රිංගුවාය.
අම්මා එලියට බැස "එයැයි වත්තට ගියා" කීවේය.
" ඔය බොරු" කියා මම කෑගැසුවෙමු.
ඌත්  ඤෑව් කීවේය.
ඒක අපේ ටොමියාටද ඇසුණි. ඌ බුරන්නට පටන්ගත්තාය.
" සුගතෙ, සුගතෙ " කියමින් තාත්තා එලියට ආවාය.
අම්මාගේ මූණ දිහා බලන්නට බැරිය. මම අපේ කිටියාගේ මූණ දිහා බැලුවෙමු.
කිටියාද පුරු පුරු ගෑවේය.
සුගතෙ මාමා ගිය පසු අම්මා මට හොඳ ටොක්කක් ඇන්නේය.

මීට
අක්කුං බබා

0 件のコメント:

コメントを投稿