2011/03/04

අයියගෙ කැනඩාව

අපේ ගෙදර හැමෝම මේ දවස් වල මැච් බලනවාය. දැන් එයාලාට චන්දය අමතකය.අද අපේ අයියා කැනඩාවට සපෝට් කලාය. කැනඩාව දිනුවොත් දාන්න කියා රතිඤ්ඤා පෙට්ටියක්ද ගෙනාවාය.
අයියා හිටියේ පකිස්තානෙත් එක්ක අම්බානකට මල පැනලාය. ලංකාව කාපු එකේ වාඩුව ගන්නවා කියා අයියා පාරම්බෑවාය. අන්තිමෙදී කැනඩාවත් කෑවාය. පකිස්තානෙ ලිස්ට් එකේ උඩටම ගියාය.
පකිස්තානෙට සපෝට් කරන්නට අපේ ගමේ සාදික් අයියා කොලඹ ගියාය. මේ කතාව ආරංචි වුනු අපේ අයියාගේ මල හොඳටම පැන්නාය.
"තමන් ඉපදිච්ච රටටවත් නැති එවුන්. @#$%@#$@##"
අයියා කුනුහබ්බ කියන්නට පටන් ගත්තාය.
මම එතනින් කැපී ගියෙමු.
මීට අක්කුං බබා

2 件のコメント:

  1. අයිය හරිම දේශප්‍රේමියෙක් වගේ.
    කැනඩා යන්න වීසාවත් ඉල්ලලා ද?

    返信削除
  2. හොඳයි.. කෙටියි. රසවත්. ඉස්සර ලංකාදීපෙ ගිය පොඩි එකාගෙ ලියුම වගෙ

    返信削除